30 March 2021
“ඇය නැගිටින විට නැගිටිනවා රට”
🌸 ජාත්‍යන්තර කාන්තා දිනය – 2026 🌸

බෞද්ධ සංස්කෘතියට අනුව “දෙවන බුදුන්” ලෙස විරුදාවලිය ලත් අපේ අම්මාවරුන් සහ සමස්ත කාන්තා පරපුරට හිමි ගෞරවය සුරක්ෂිත කරමින්, ඔවුන් වෙනුවෙන් සිනාමුසු අනාගතයක් නිර්මාණය කිරීම රජයේ මෙන්ම අප සභාවේ ද පරම අභිප්‍රායයි.
“ලොව පවතින්නේ හිරුගේ රශ්මියෙන් සහ මවගේ කිරිවලිනි” යන මැක්සිම් ගෝර්කිගේ කියමන සනාථ කරමින්, කාන්තාව සවිබල ගැන්වීම වෙනුවෙන් වූ දැවැන්ත වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
📍 රජය විසින් ක්‍රියාත්මක ප්‍රධාන වැඩසටහන්:
මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සහ ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම.
කාන්තාවන් සඳහා ව්‍යවසායකත්ව අවස්ථා පුළුල් කිරීම සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ.
අවවරප්‍රසාදිත සහ යුද්ධයෙන් පීඩාවට පත් කාන්තාවන් වෙනුවෙන් විශේෂ නිවාස හා සුබසාධන ව්‍යාපෘති.
මනුෂ්‍යත්වයෙන් පිරි, කාන්තාවන් සහ දරුවන් සුරක්ෂිත වූ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ගොඩනැඟීම.
මනුෂ්‍යත්වයේ කොඩිය ලොව හමුවේ ඔසවා තැබීමට වෙහෙසෙන අපේ දිරිය කාන්තාවනි, අයිතිවාසිකම් තහවුරු වූ ඒ යහපත් හෙට දවස ගොඩනැඟීමේ ගමනට අත්වැල් බැඳගන්නා ලෙස සැමට ගෞරවයෙන් ආරාධනා කරමු!
📍 මඩුල්ල ප්‍රාදේශීය සභාව