30 March 2021
ජංගම පුස්තකාල සේවාව
මඩුල්ල ප්‍රාදේශීය සභාවේ 
මඩුල්ල ප්‍රාදේශීය සභා මහජන පුස්තකාලය මගින් විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් නව ජංගම පුස්තකාල සේවාවක් ක්‍රියාත්මක කරනු ලබයි.
තම දෛනික අවශ්‍යතා තනිව ඉටුකර ගැනීමට අපහසු සහ සේවා ස්ථාන වෙත පහසුවෙන් ළඟාවිය නොහැකි පුද්ගලයින්ගේ හුදකලාව හා කාන්සිය සංසිඳුවා, ඔවුන්ගේ ජීවිත වඩාත් අර්ථවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. ඒ අනුව, ඔවුන් වෙත ගොස් කියවීම සඳහා පොත් ලබාදීම සහ කියවීමෙන් පසු නැවත ලබාගැනීමේ ක්‍රමවේදයක් යටතේ මෙය ක්‍රියාත්මක වේ.
මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වෙන විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවගේ මාසික රැස්වීමට සමගාමීව මෙම ජංගම සේවාව ද මාසිකව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. මෙම සත්කාරය වෙනුවෙන් ඔබට ද පොත් පරිත්‍යාග කළ හැකි නම්, ඒවා මඩුල්ල ප්‍රාදේශීය සභා පුස්තකාලය වෙත ගෙනවිත් භාරදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙම සේවාව අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යන ලෙසත්, ඉදිරියේදී එය “අරුණු දොර” වැඩසටහන සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලෙසත් මඩුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් විසින් උපදෙස් ලබාදෙන ලදි.