30 March 2021

“ගම්මැද්දේ කළාලය” ඉලුක්ලන්ද ගම්මානය

ආර්ථික, සාමාජීය හා සංස්කෘතික වශයෙන් දියුණු මානව සමාජයක් ගොඩනැගීමේ අරමුණ ඇතිව, ඌව පළාත් සභාවේ මෙහෙයවීමෙන් සහ මඩුල්ල ප්රාදේශීය සභාවේ සංවිධානයෙන් අධ්යාපනික හා සංස්කෘතික අංග රැසක් සමගින් පවත්වනු ලැබූ “ගම්මැද්දේ කළාලය” වැඩසටහන 2026 පෙබරවාරි මස 27 වන දින සවස තැරෑල, ඉලුක්ලන්ද ගම්මානයේදී අතිසාර්ථක ලෙස පවත්වනු ලැබීය.
​එහිදී රජයේ නිලධාරීන් විශාල පිරිසක් විසින් ප්රදේශයේ තරුණ හා වැඩිහිටි ජනතාව දැනුවත් කරනු ලැබූ අතර, දේශපාලන අධිකාරිය මගින් ගමට සේවාවන් සපයන ආකාරය මෙන්ම ඒවා ලඟාකර ගැනීමට මැදිහත් වන ආකාරය පිළිබඳවද දැනුවත් කිරීම් සිදු කරන ලදී. මේ සඳහා මඩුල්ල ප්රාදේශීය සභාවේ මන්ත්රී මණ්ඩලය, පූජ්ය පක්ෂය සහ ගම්වාසීන් විශාල පිරිසක් සහභාගී වෙමින් එය සාර්ථක කර ගැනීමට දායක විය.

Top