30 March 2021

මහා සභා රැස්වීම (2026.02.19)

news images

මඩුල්ල ප්‍රාදේශීය සභාව
2026 වර්ෂයේ දෙවන (2026.02.19) මහා සභා රැස්වීම.

01. සභාව ආරම්භ කිරීම
2026 වර්ෂයේ දෙවන මහ සභා රැස්වීම ගරු සභාපති ඩී.එම්. ගුණතිලක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.

02. පෙර සභා වාර්තාව සම්මත කිරීම
පසුගිය මහ සභා රැස්වීමේ සභා වාර්තාව සභාවට ඉදිරිපත් කර උපසභාපතිතුමන් විසින් සම්මත කරගැනීම සිදු කරන ලදී.

03. විශේෂ කරුණු
*2026 පෙබරවාරි 04 වන දින පැවති හැත්තෑඅටවැනි නිදහස් දිනය මඩුල්ල ප්‍රාදේශීය සභාව හා මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය එක්ව සංවිධානය කරන ලදී. එම අවස්ථාවට ප්‍රාදේශ ලේකම් කාර්යාලය, කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය, මඩුල්ල රෝහල සහ දඹගල්ල පොලිසිය ද එක්විය.

*මඩුල්ල ප්‍රාදේශීය සභාව ඇතුළු සේවා මධ්‍යස්ථාන අලංකාර කිරීම හා දීර්ඝකාලීන නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා යෝජනා විය.

*කහගොල්ල ජල යෝජනා ක්‍රමය ඇතුළු සභාවට අයත් ජලය බෙදාහැරීමේ වතුර මෝටර් අලුත්වැඩියා කිරීම පිළිබඳ සාකච්ඡා විය.

*ගල්ගමුව පුස්තකාල ගොඩනැගිල්ලේ යම් කොටසක් ටෙන්ඩර් කැඳවා ලබාදීමට යෝජනා වූ අතර, පුස්තකාලය කඩිනමින් ඉදිකිරීමට ද එකඟ විය.

*මඩුල්ල ප්‍රාදේශීය සභා මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ ගුරුවරුන්ට දැනට ගෙවන මාසික වැටුප රු. 10,000 කින් වැඩි කිරීමට අනුමැතිය ලබා දෙන ලදී.

*මඩුල්ල ප්‍රාදේශීය සභාවේ නොදිරන කසළ අලෙවිය සඳහා අනුමැතිය ලබා දෙන ලදී.

*මඩුල්ල ප්‍රදේශයේ රතුගළ ආදිවාසි ගම්මානය සංචාරක කර්මාන්තයට ඇති විභවතාව පිළිබඳ සමීක්ෂණයක් කිරීම සඳහා අනුමැතිය ලබා දෙන ලදී.

*ගල්ඔය වනෝද්‍යානය බදුලුවෙල හරහා සංචාරක කර්මාන්තයට යොදා ගැනීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා විය.

*මඩුල්ල ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට සුදුසු ස්ථාන හඳුනා ගැනීම පිළිබඳ සාකච්ඡා විය.

*සංචාරක නිවාඩු නිකේතනයක් සඳහා බෝට්ටු සේවාවක්, භූමි අලංකරණයක් හා උත්සව ශාලාවක් පිළිබඳ සාකච්ඡා සිදු විය.

*මාරිඅරාව සතිපොළ ආශ්‍රිත භූමියේ සභාවට අයත් කොටසක වෙළඳ කුටි ඉදිකිරීම පිළිබඳ සාකච්ඡා විය.

*සභාවට අයත් මෝටර් ග්‍රේඩර් යන්ත්‍ර අලුත්වැඩියා කිරීම පිළිබඳ සාකච්ඡා විය.

*සභාවට අයත් වාහන අලුත්වැඩියා කර මහජන සේවා කාර්යක්ෂම කිරීම පිළිබඳ සාකච්ඡා විය.

*සභාව සතු වාහන අවභාවිතා වී ඇති බව සභාවේ අවධානයට ගෙන, එවැනි ක්‍රියා නැවත සිදු නොවීමට වගබලා ගත යුතු බව ද අවධාරණය කරන ලදී. එසේම සභාවට ලැබිය යුතු මුදල් ලබා ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කරන ලදී.

*සභාවට අයත් පුස්තකාලවල ආබාධිත පුද්ගලයන් සඳහා ප්‍රවේශ මාර්ග සකස් කිරීම සඳහා අනුමැතිය ලබා දෙන ලදී.

*මඩුල්ල ළමා උද්‍යානයේ බොජුන්හල තුළ වර්ෂා කාලයේදී සුළඟ සමඟ ජලය ඇතුළුවන බැවින්, එය වටා විනිවිද පෙනෙන ප්ලාස්ටික් ආවරණයක් යෙදීමට අනුමැතිය ලබා දෙන ලදී.

*මඩුල්ල සතිපොළේ දෛනිකව කෘෂිකාර්මික තොග භාණ්ඩ මිලදී ගැනීම පිළිබඳ සාකච්ඡා විය.

04. ගරු සභාපති ඩී. එම්. ගුණතිලක මැතිතුමාගේ යෝජනා
*ඉලුක්ලන්ද වසමේ ගොවිපළ මාර්ගය මෝටර් ග්‍රේඩර් කිරීම.
*තැරැල එපිටවෙල මාර්ගය මෝටර් ග්‍රේඩර් කිරීම.
*පඟුර බුලු අස්සන්ගොඩ කන්ද මාර්ගය මෝටර් ග්‍රේඩර් කිරීම.
*ඉලුක්ලන්ද ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම.
*පඟුර උඩුපිටිය මාර්ගය මෝටර් ග්‍රේඩර් කිරීම.
*රුවල්වෙල හෙළගෙදර මාර්ගය සංවර්ධනය කිරීම.
*නාමල්ඔය ජනපදය පේර කදුර මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
*අලුපත්ගල කලාකම මාර්ගය සංවර්ධනය කිරීම.
*මිරිස්වත්ත හා අස්වැද්දුම කුඹුරු යාය යාකරන මාර්ගය සඳහා බෝක්කුවක් ඉදිකිරීම.
*දැලිව පොල්වත්ත මාර්ගය මෝටර් ග්‍රේඩර් කිරීම.

05. ගරු මන්ත්‍රීවරුන්ගේ යෝජනා

05.1 ගරු ඩී. එම්. ප්‍රේමසිරි මැතිතුමාගේ යෝජනා
*ලයිට් පාර සහ අතුරු මාර්ග මෝටර් ග්‍රේඩර් කිරීම.
*උඩුමුල්ල බෝමළුව මාර්ගය මෝටර් ග්‍රේඩර් කිරීම.
*පුවක්ගහ අරාව මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
*කෙහෙල්ලන්ද තලාව මාර්ගය මෝටර් ග්‍රේඩර් කිරීම.

05.2 ගරු මන්ත්‍රීනි එම්. ඩී. එම්. ප්‍රමෝදනී මැතිතුමියගේ යෝජනා
*ඉඟිනියාගල වටරවුමේ රජයට අයත් ඉඩමක බොජුන්හලක් ආරම්භ කිරීම.
*ඉඟිනියාගල කොට්ඨාශයේ මාර්ග සඳහා වීදි ලාම්පු සවි කිරීම.
*සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමන්ගේ ඉල්ලීම අනුව ඉඟිනියාගල ප්‍රදේශයේ වගා ළිඳක් වසා දැමීම.
*ගල්ගමුව වසමේ කිරිඔරුව යාය මාර්ගයේ පළමු බෝක්කුව ඉදිකිරීම.
*කිතුලපිටිය මාර්ගයේ බෝක්කු අලුත්වැඩියා කිරීම.

05.3 ගරු මන්ත්‍රී ආර්. එම්. සිංහරත්න මැතිතුමාගේ යෝජනා
*කහගොල්ල වසමේ තලාව ජනසෙවණ ගම්මානයට යාබද පොදු ඉඩමක ක්‍රීඩා පිටියක් ඉදිකිරීම.
*කහගොල්ල මිනිමුතු පෙරපාසල සඳහා ආරක්ෂිත වැටක් හා ගේට්ටුවක් ඉදිකිරීම.

05.4 ගරු මන්ත්‍රී ඒ. එම්. පුංචිබණ්ඩා මැතිතුමාගේ යෝජනා
*කොල්ලදෙණිය යාය මාර්ගයේ කළුබුද්ධා ඔය මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
හතේ කණුව ගලබඩ මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
*හතරේ කණුව යකිනිවැව මාර්ගයේ ආපදාවට ලක්වූ බෝක්කුව අලුතින් ඉදිකිරීම සහ එම මාර්ගය මෝටර් ග්‍රේඩර් කිරීම.
*පරගහපිටිය මාර්ගය මෝටර් ග්‍රේඩර් කිරීම හා අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් කිරීම.
*උයනබැද්ද කෙසෙල්වත්ත මාර්ගය මෝටර් ග්‍රේඩර් කිරීම හා අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් කිරීම.
*උයනබැද්ද ගම සඳහා ස්ථිර සුසාන භූමියක් වෙන් කිරීම.

06. මාර්ග සංවර්ධන කරුණු
මඩුල්ල ප්‍රදේශයේ අබලන් මාර්ග සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡා විය. PRD මාර්ග සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ඉල්ලීම් හා යෝජනා කඩිනමින් ක්‍රියාත්මක නොවීම පිළිබඳ අවධානය යොමු කරන ලදී. ඇතැම් නිලධාරී අතපසුවීම් හේතුවෙන් මාර්ග සංවර්ධන කටයුතු මන්දගාමීව සිදුවන බව සභාවේ අවධානයට ගෙන, එම තත්ත්වය මගහරවා ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමටත් සංවිධානය කිරීමටත් තීරණය කරන ලදී.

07. වෙනත් කරුණු
*ප්‍රජා සංවර්ධන යෝජනා වසම් මට්ටමින් ක්‍රියාත්මක කරන අතර, අදහස් හා යෝජනා නිර්පාක්ෂිකව ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන ලදී.

*මඩුල්ලේ ඇති සියලු ගැටලු සභාවට යොමු කරන ලෙසත්, ඒවා සෘජුව සභාවට අයත් නොවුවද අදාළ ආයතන හා සංවිධාන වෙත යොමු කර විසඳුම් ලබා දීමට කටයුතු කරන බව දැනුම් දෙන ලදී.

08. සභාපතිතුමන්ගේ අවසාන අදහස්
ගරු සභාපතිතුමන් අවසානයේ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ 2026 වසර සංවර්ධනය වේගයෙන් ඉදිරියට යන වසරක් වන අතර, එම කටයුතු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් පවතින බවය. ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බවත්, කොතරම් බලයක් ලැබුණද නිවැරදි ක්‍රමවේදයක් අනුව කටයුතු කළ යුතු බවත් වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

Top